නිදහස් වෘත්තියකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වෙත සාදරයෙන් පිළිගන්නෙමු !

freelancer-feature-startuptalky
Shadow

ශ්‍රී ලංකාවේ විශාලතම නිදහස් වෘත්තික සමූහය සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකික ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවකු වන්න. ඔබගේ කුසලතාවයන් හා හැකියාවන් ලෝකයට පෙන්වන ඔබටම අනන්‍ය වූ  ප්‍රොෆයිලයක් සාදාගෙන වෘත්තීයමය පිළිගැනීමක් සහිත ඔබගේම නිදහස් වෘත්තික හැඳුනුම්පතක් ලබා ගන්න..

ජයග්‍රාහී ලෙස ඔබගේ සාර්ථකත්වය හඹා යාමට අදම නිදහස් වෘත්තිකයකු ලෙස අප සමඟ ලියාපදිංචි වන්න.

ඔබ සූදානම්ද? 

එසේනම් අදම අප සමඟ එක්වී ඔබගේ නිදහස් වෘත්තියකත්ව ජීවිතයේ සියළු දොරගුළු විවර කර ගන්න.

ඔබ දැනටමත් නිදහස් වෘත්තිකයකු ලෙස කටයුතු කරනවාද?

ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවකු වීම සඳහාත්, අනාගත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහාත් දැන්ම අප හා එක්වන්න..

නිදහස් වෘත්තිකයකු වීමට ඔබත් කැමතිද?

පළමු පියවර ගැනීමට සූදානම්ද? නිදහස් වෘත්තිකයකු ලෙස ඔබගේ වෘත්තිය ජීවිතය ආරම්භ කිරීමටත් ඒ පිළිබඳව මග පෙන්වීමක් ලබා ගැනීමටත් මෙහි ලියාපදිංචි වන්න

  ප්‍රථිලාභ

ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබටම අනන්‍ය වූ ඔබගේ නිදහස් වෘත්තික හැඳුනුම්පත ලබා ගත හැක. එය ඔබට වෘත්තීය නිදහස් වෘත්තිකයකු ලෙස ඉහළම පිළිගැනීමක් ලබා දෙයි.

අපගේ නිදහස් වෘත්තියකත්ව ලියාපදිංචි වේදිකාවේ සාමාජිකයකු  ලෙස ඔබට සහයෝගය දැක්විය විය හැකි හවුල්කාර ආයතනයන් හා සංවිධානයන් සමඟ එක්වීමට අවස්ථාව ලැබේ. ඔබගේ ඵලදායිතාව සහ නිර්මාණශීලිත්වය ඉහළ නංවන විවිධ නිෂ්පාදන සහ සේවා සඳහා සුවිශේෂී වට්ටම් භුක්ති විඳිමට අවස්ථාව ලැබේ

ලියාපදිංචි වීමත් සමඟම, ඔබට විවිධාකාරයේ සේවා ලාභින් ආකර්ෂණය කර ගැනීමට සහ ව්‍යාපෘති සඳහා සම්බන්ධවීමේ අවස්ථාව උදාවේ.

නිදහස් වෘත්තිකයකු ලෙස ඔබගේ දියුණුවට සහාය වීමට අපි කැපවී සිටිමු. ඔබේ කුසලතා වර්ධනය  කිරීමට සහ ඔබේ දැනුම පුළුල් කිරීමට නිර්මාණය කර ඇති සුවිශේෂී Webinars සහ වැඩමුළු සඳහා සම්බන්ධ වීමට හැකියාව ලැබේ. එසේම නවතම ප්‍රවණතා සහ තාක්ෂණයන් සමඟ සම්බන්ධ වීමටද ඔබට අවස්ථාව ලැබේ.

අපගේ රහස්‍ය  ප්‍රතිපත්ති

ඔබගේ පෞද්ගලිකත්වය අපගේ රහස්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආරක්ෂා කරන්නෙමු.

1. ඔබගේ පැහැදිලි අවසරයකින් තොරව පුද්ගලික තොරතුරු අලෙවිකරණ අරමුණු සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා තෙවන පාර්ශවයකට විකිණීම හෝ ලබා දීම සිදු නොකරන බවට සහතික වන්නෙමු.

2. අපි ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීමට සහ ඒ වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම හෝ ඒවා හෙළිදරව් කිරීම් වැළැක්වීම සඳහා පිළිගත් සම්මත ආරක්ෂක පියවරයන් භාවිතා කරන්නෙමු.

3. මෙම රහස්‍ය ප්‍රතිපත්තිය කලින් කලට යාවත්කාලීන කිරීමේ අයිතිය අප සතුය. යම් වෙනසක් ඇත්නම්, එය මෙම පිටුවෙහි පළ කරනු ලැබේ

4. කිසිදු වෙළෙද දැන්වීමක් මෙහි පළ කරනු නොලැබේ

ඔබගේ සාර්ථකත්වය, අපගේ ප්‍රමුඛතාවයයි

නිදහස් වෘත්තිකයකු ලෙස ඔබට දියුණු වීමට උපකාර කිරීමට අපි කැපවී සිටින්නෙමු. ඔබගේ නිදහස් විශිෂ්ට වෘත්තිකයකු වීම සඳහා අවශ්‍ය මෙවලම්, සම්පත් සහ සහාය ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. නිදහස් වෘත්තිකයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට ඔබගේ ඇති කැමැත්ත අප මහත්සේ අගය කරන අතර ඔබ පළපුරුදු නිදහස් වෘත්තිකයෙකු වුවද, අපගේ නිදහස් වෘත්තිකයින්ගේ සමූහයට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඔබගේ වෘත්තිය නව තලයකට ගෙන යාමට ඔබ සූදානම්ද? අදම ලියාපදිංචි වී සාර්ථකත්වයෙන් පිරුණු ජයග්‍රාහී ආකර්ෂණීය ගමනක් ආරම්භ කරන්න!